පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    අභියෝගයට මුහුණ දෙමින් නොබියව කටයුතු කළ ජනාධිපතිවරයාට අප ප්‍රශංසා කළ යුතුයි

    අගෝස්තු 12, 2022

    අභියෝගයට මුහුණ දෙමින් නොබියව කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අප ප්‍රශංසා කළයුතු බවත් රට පුරා ඇති වූ තත්වය නිවැරදි කිරීමට ජනාධිපතිවරයාට සම්පූර්ණ සහයෝගය දිය යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද(12) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    2022 අගෝස්තු 03 වැනිදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදයේ තුන්වෙනි දිනය වන අද (12) දින විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ , මෙරට සිටින දස ලක්ෂයකට අධික ධීවර ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජය කටයුතු කළ යුතු බවයි. තමා මේ දිනවල සෑම ප්‍රදේශයකටම ගොස් ධීවර ජනතාව හමුවෙන බවත් ඉන්ධන ගැටළුව හේතුවෙන් ධීවර ප්‍රජාව මහත් අසරණ වී ඇති බවයි. ඉදිරි දින කිහිපයේදී ධීවර ජනතාවගේ ඉන්ධන ගැටළුව විසඳෙනු ඇති බවද ධීවර අමාත්‍යවරයා පැවසීය.

    වතුකර ජනතාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පුද කරන බවත් ඉන්දු ලංකා ගිවිසුම කාලයේ සිට ලබා දුන් පාඩම් ඉගෙන ගනිමින් පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කළ යුතු යැයිද අමාත්‍යවරයා කීය.

    දෙමළ දේශපාලන සිරකරුවන්, උතුරේ ජනතාවගේ ඉඩම් නිදහස් කර ගැනීම අතුරු දහන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් සහ තහනම් කර ඇති දෙමළ සංවිධාන සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද කීය.

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙනුවෙන් දේශපාලන පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන්නැයි තමා දෙමළ දේශපාලන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසිය

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya