ඒ මහතා මේ බව පැවසුවේ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
පසුගිය 18 වැනි දින වී මිලදී ගැනීවේ කටයුතු ආරම්භ කළ බව පවසන ඒ මහතා දිස්ත්‍රික්ක 16ක මේ වන විට මිලදී ගැනීමේ කටයුතු සිදු කෙරෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
එසේම වී ගබඩා 50ක් විවෘත කර ඇති අතර මේ වන විට වී ගබඩා 95ක් විවෘත ව පවතින බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.පළමුව අස්වැන්න නෙළීම ආරම්භ කර ඇති ප්‍රදේශවල වී ගබඩා විවෘත කිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බවත් සෙසු ප්‍රදේශවල වී අස්වනු නෙළන විට එම ගබඩා විවෘත කරන ලෙසත් ගොවි සංවිධාන , දිසාපතිවරයා ප්‍රාද්ශීය ලේකම්වරයා සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ ප්‍රදේශයේ අස්වැන්න නෙළන ආකාරය තීන්දු කරන බවත් හෙතෙම පැවසීය.
එසේම මිලදී ගනු ලබන වී ප්‍රමිතියෙන් යුතු විය බවත් එහි තෙතමනය 14% ක් වය යුතු බවත් මෙම කන්නයේ වී අස්වැන්න පමණක් මිලදී ගන්නා බවත් දවසේ ඕනෑම වෙලාවක වී අස්වනු භාර දිය හැකි බවත් ඕිනෑම වාර ගණනකදී ඕනෑම ප්‍රමාණයක් භාර දිය හැකි බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.වී අලෙවි මණ්ඩලයට සිය වී අස්වැන්න ලබා දෙන ලෙසත් රජයේ වී සංචිතය වර්ධනය කිරීමට සහය වන ලෙසත් ඒ මහතා මෙහිදී ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේය.