පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    සැප්තැම්බර් 01 සිට 03 දක්වා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

    අගෝස්තු 25, 2022

    මේ වන විට මෙරට ඩෙංගු වැඩි වශයෙන් හඳුනාගෙන ඇති 60ක් පමණ වූ අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ ආවරණය වන පරිදි සැප්තැම්බර් 01 සිට 03 දක්වා දින 03ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පවත්වන බව ඩෙංගු මර්දන ඒකකයෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය කියා සිටියාය.

     

    ඇය මේ බව පැවසුවේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කොවිඩ් 19 සහ ඩෙංගු ව්‍යාප්තියේ අවදානම සම්බන්ධයෙන් පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    කොළඹ, කලුතර, ගාල්ල, ගම්පහ, නුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සහාය ලබාගනිමින් කණ්ඩායම් පිටත්කර හරිමින් කොට්ඨාශ පරික්ෂා කිරීමක් එහිදී සිදුකරන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

    මෙම වසර ආරම්භයේ සිටම සෑම මසකම ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් දක්නට ලැබුණු බවද ජූලි මාසය වන විට තත්ත්වය වඩාත් උත්සන්න වී 11,500ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වාර්තා වුණු බවද අගෝස්තු මාසේ 25 වනදා වන විට මෙම රෝගීන් සංඛ්‍යාව අඩකින් පමණ අඩුවී අගෝස්තු මාසයේ පමණක් රෝගීන් 5600ක් පමණ වාර්තා වී ඇති බවද සඳහන් කළාය.

    පසුගිය කාලයේ සිදුකළ දැනුවත්කිරීම් වල ප්‍රතිඵලයක් ලෙස මෙම අඩුවීම දක්නා බවද තත්ත්වය පාලනය කිරීම සදහා ඉදිරි මාස 04 බොහෝ මහන්සිවී වැඩකළ යුතු බවද ඉදිරියේදී ඊසානදිග මෝසම් වර්ෂාවත් සමග උතුරු නැගෙනහිර ප්‍රදේශ වල රෝගීන්ගේ වැඩිවීමක් දැකිය හැකි බවද ඇය කියා සිටියාය.

    මේ වන විට වාර්තා වී ඇති සමස්ථ රෝගීන් සංඛ්‍යාව 52,500ක් බවද ඩෙංගු රෝගය පාලනය කරගැනීම සදහා අප අවට වටපිටාව සතියකට වරක් පැය භාගයක් වැයකර ඩෙංගු බෝවිය හැකි ස්ථාන පවිත්‍ර කළ යුතු බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය කියා සිටියාය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya