අගෝස්තු 24 වන දින ධීවර අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සාකච්ඡාවේදී අමාත්‍යවරයා අදාළ නියෝගය ලබාදුන් බවත් ඒ අනුව ඉදිරියට නව යාන්ත්‍රණයක් සැකසීමට නියමිත බවත්, ධීවර අමාත්‍යංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සනාථ කර ඇත.
මෙම සාකච්ඡාවේදී ධීවරයින්ට අවශ්‍ය භූමිතෙල් බෙදාහැරීම රටපුරා සිදුවන බවත්, එය නිසියාකාරව ධීවරයින්ට ලැබෙනවාද යන්න පිළිබද සොයා බලා තමා වෙත කඩිනමින් වාර්තාවක් සපයන ලෙසත් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
එමෙන්ම මුහුදු කූඩැල්ලන් වගාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලද අතර ඉන්දියාව, චීනය වැනි රටවල අයෝජකයින් මේ සදහා ආයෝජනය කිරීමට ඉතාම උනන්දුවක් දක්වන බැවින් එම ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට කටයුතු කරන ලෙසද උපදෙස් ලබා දුනි. තවද මුහුදු කූඩැල්ලන් අභිජනන මධ්‍යස්ථාන නවීන තාක්ෂණයෙන් යුතුව සකස් කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.