එම ඔප්පු ලබා දීම සදහා වූ ගැටළු සැප්තැම්බර් මස 31 වනදා වනවිට ආයතන මට්ටමින් විසදා ගැනීමට කටයුතු කරන ලෙසද උපදෙස් දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නම් අණ පනත් සංශෝධනය කරන ලෙසද වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී (23) දින පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මගින් ක්‍රියාත්මක නිවාස ලබා දීමේ වැඩපිළිවෙල යටතේ මෙතෙක් හිමිකම් ඔප්පු ලබා දී නොමැති නිවාස හිමියන්ට එම ඔප්පු ලබා දීම කඩිනම් කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබුණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අවධාරණය කර තිබුණේ තට්ටු නිවාස හිමියන්ට හිමිකම් ඔප්පු ලබා දීම කඩිනම් කරන බවයි.
මෙතෙක් හිමිකම් ඔප්පු නොලැබුණු තට්ටු නිවාස හිමියන්ට සහ නිවාසලාභීන්ට හිමිකම් ඔප්පු ලබා දීමට පවතින ගැටළු නිරාකරණය කිරීම සදහා නිර්දේශ ලබා ගැනීමට 11 දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද ජනාධිපති ලේකම්වරයා විසින් පත්කර තිබේ.
අඩු ආදායම්ලාභී පුද්ගලයන් සදහා නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතන වන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය,
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය යන ආයතනයි.
මෙම ආයතන තුන මගින් මේ වනවිට අඩු ආදායම්ලාභීන්ට ලබා දී ඇති නිවාස සංඛ්‍යාව 32,933 කි. ඉන් මේවන විට හිමිකම් ඔප්පු ලබා දී ඇත්තේ නිවාස හිමියන් 10,625 කට පමණි. ඒ අනුව එම ආයතන ලබා දීමට ඇති හිමිකම් ඔප්පු සංඛ්‍යාව 22,308 බවද සාකච්ඡාවේදී අණාවරණය විය.
නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් 1,326 දෙනෙකු සදහා නිවාස ලබා දී ඇති අතර ඉන් ඔප්පු 545 ක් නිවාසලාභීන් වෙත ලබා දී තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ වනවිට අඩු ආදායම්ලාභීන් සදහා ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව 14,607 කි. පවුල් 12,000 පමණ එම නිවාසවල පදිංචි වී තිබේ. ඉන් හිමිකම් ඔප්පු ලබා දී ඇත්තේ 80 කට ආසන්න පිරිසකට බවත්, එම නිවාස සහාධිපත්‍ය දේපලක් බැවින් එහි අනුමැතිය හිමි නොවීම වැනි ගැටළු මේ සදහා බලපා ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා මෙහිදී කියා සිටියේය.
ඊට ප්‍රතිචාර දැක්වූ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති සරණ කරුණාරත්න මහතා සදහන් කළේ වසර 08 ක පමණ කාලයක් තිස්සේ සහාධිපත්‍ය දේපල සම්බන්ධ පනත සංශෝධනය
කර ගැනීමට උත්සාහ දරණ බවයි. ඒ සදහා අධිකරණ අමාත්‍යාංශය මගින් කමිටුවක් පත්කර තිබුණද එයද මේ වනවිට ක්‍රියාත්මක නොවන බව සභාපතිවරයා සදහන් කළේය. අධිකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡා කර කඩිනමින් පනත සංශෝධනය කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇමතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යධිකාරී කේ.ඒ. ජනාක මහතා සදහන් කළේ නිවාස ව්‍යාපෘති 108 ක් අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන බවයි. ඉන් නිවාස 17,000 ක් නිවාසලාභීන් වෙත ලබා දී තිබේ. ඉන් 10,000 පමණ ඔප්පු ලබා දී ඇතැයි සාමාන්‍යාධිකාරීවරයා සදහන් කළේය. ඔප්පු ලබා දීම පිළිබදව සංගණනයක් සිදු කෙරෙන බවද ඔහු කීවේය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවධාරණය කළේ නිවාසලාභී පුද්ගලයකුට එම නිවසේ හිමිකම් ඔප්පුව කඩිනමින් ලබා දීම අදාල ආයතනයේ වගකීමක් බවයි. ආයතන මට්ටමින් පවතින ගැටළු අභ්‍යන්තර ක්‍රමවේදයක් මගින් විසදා ගත යුතු බවත් ඊට අවශ්‍ය ප්‍රතිපත්ති තීන්දු ගැනීමට සුදානම් බවත් අවධාරණය කළ ඇමතිවරයා දිගින් දිගටම හිමිකම් ඔප්පු ලබා දීම ප්‍රමාද වී ඇති බැවින් තවදුරටත් ඒ සදහා ඉඩ දිය නොහැකි බවත් කීවේය.
එබැවින් ඉදිරි වසරක කාලය තුළ සියළු දෙනාට හිමිකම් ඔප්පු ලබා දීමට පියවර ගත යුතු බවටද ඔහු අවධාරණය කළේය. මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක, අතිරේක ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත රත්නායක, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති සරණ කරුණාරත්න, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී කේ.ජේ. ජනාක යන මහත්වරු ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූහ.