පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ජා ඇල "ලක්දිව ඉංජිනේරු සමාගම" යළි නගා සිටුවීමේ ව්‍යාපෘතියක් අරඹයි

    අගෝස්තු 26, 2022

    ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, ඒකල ලක්දිව ඉංජිනේරු ආයතන පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණයකට එක් විය.

    එහිදී ලක්දිව ඉංජිනේරු ආයතනයේ අලුත් වැඩියාව නිම කල බස් රථ 10ක්‌ නැවත ලංගම වෙත බාරදීමද අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ආයතනයේ කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහකද නිරත වූ අමාත්‍යවරයා ඔවුන්ගේ ගැටළු පිලිබඳවද සිය අවධානය යොමු කළේය.

    මෙහිදී රටතුල දැනට පවතින බස්රථ හිඟයට කඩිනම් පිලියමක් ලෙස ආයතනය මඟින් සිදු කෙරෙන බස්රථ අලුත්වැඩියා කිරීමේ කටයුතු තවත් පුළුල් කිරීමට අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

    ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම රජයට අනුබද්ධ සමාගමකි. අක්කර 24ක භූමි ප්‍රදේශයක විසිර ඇති මෙම ආයතන සංකීර්ණය තුල ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ අලුත් වැඩියාව ඇතුළු සේවාවන් රැසක් සිදු කෙරේ.

    දිවයින පුරා ඩිපෝවල ආපදාවට ලක්වන බස්රථවල බඳ අලුත්වැඩියාව, වර්ණ ගැන්වීම, විදුලි පද්ධතිය අලුත්වැඩියාව වැනි කටයුතු පෞද්ගලික අංශයට වඩා සහනදායි ක්‍රමයකට සිදු කර දීම මෙහි විශේෂත්වයයි.

    පළපුරුදු කාර්මිකයින් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මසකට බස්රථ 10 ක්‌ පමණ සම්පුර්ණයෙන්ම අලුත්වැඩියාව නිමකර නැවත ඩිපෝ වෙත බාරදෙනු ලබයි. මීට‍ අමතරව ආපදාවට ලක්‌ වූ රජයේ ආයතන සතු වාහනද මෙම පරිශ්‍රයේ අලුත්වැඩියා කිරීම සිදු වේ.

    ලංගම බස් රථ වලට අමතරව අමාත්‍යංශ හා රජයේ ආයතනවල වාහන අලුත්වැඩියාව සඳහාද මෙම ආයතනයේ සේවය ලබා දීම දැනට අරඹා ඇති අතර එම සේවාවන් තව දුරටත් පුළුල් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

    මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්තුමා,ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, ලක්දිව ඉංජිනේරු ආයතනයේ සභාපතිතුමා, සාමාන්‍යධිකාරීතුමා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    මාධ්‍ය ඒකකය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya