මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ වසර 40ක් පමණ කාලයක් කිරි කර්මාන්තයේ යෙදෙන මාරිමුත්තු චන්ද්‍රකුමාර් නමැති කිරි ගොවියා සම්බන්ධව පසුගිය දින කීපය තුළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වල තොරතුරු පළ වී තිබිණි.
මාරිමුත්තු චන්ද්‍රකුමාර් කිරි ගොවියා මුහුණපා සිටින ගැටළුව සම්බන්ධව වහාම තොරතුරු සොයා බලා, අවශ්‍ය විසඳුම් ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා (24දා) ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට සහ මිල්කෝ සමාගමට උපදෙස් දුන්නේය.
මාරිමුත්තු මහතා වසර 40ක් තිස්සේ කුඩා බිම් කඩක ගව පාලනයේ යෙදෙමින් දෛනිකව ලබා ගන්නා කිරි මිල්කෝ සමාගමට සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට ලබා දෙන බව ප්‍රකාශ කර තිබිණි. ඔහු දැනට ගව පාලනය සිදු කරන ඉඩම කිසියම් පාර්ශවයක් විසින් ඔවුනට ලබා ගැනීම සඳහා බලපෑම් කරන බවත් ඒ සම්බන්ධව රජය මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙසත් මාරිමුත්තු මහතා මාධ්‍ය ඔස්සේ ඉල්ලීමක් කර තිබුණි.