පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    රන්ජන්ට කොන්දේසි සහිත ජනාධිපති සමාවක්

    අගෝස්තු 26, 2022

    අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීය.

    මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර ඇත.

    රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීමට අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරීමට ද කටයුතු කර තිබේ.

    2017 අගෝස්තු 21වනදා අරලියගහ මන්දිරයෙන් පිටත සිදුකළ ප්‍රකාශයට පළමු නඩුව ගොනු කරමින් 2021 ජනවාරි 12 වන දින ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරිණි.

    රන්ජන් රාමනායක මහතා දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සමාව අයදීම ඊයේ (25) සිදු කළේය.
    තමන් සිදු කළ ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශය නිසා අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ සියලුදෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇත.

    තමා විසින් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවටත් ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා අධිකරණයට ලබාදුන් දිවුරුම් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya