පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ප්‍රගතිය ගැන සොයා බැලේ

    අගෝස්තු 27, 2022

    පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ප්‍රගතිය පිළිබඳව හමුව විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සහභාගීත්වයෙන් (26)උදෑසන පවත්වන ලදි.

    සියඹලාණ්ඩුව මෙගා වොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය, අභිලාශ කැඳවීම් මත ලැබී ඇති යෝජනා ඇගයීම, ජලාශවල ඉදි කිරීමට යෝජිත පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති, විදුලිය මිලදී ගැනීමට ගිවිසුම් ගත වී ඇති ව්‍යාපෘති සහ ගිවිසුම් ගත වීමට ඇති ව්‍යාපෘති, ගාස්තු සංශෝධන, පද්ධතියේ අවකාශය ලබා දීම යන කරුණු පිළිබඳව ප්‍රගතිය එහිදී සමාලෝචනය කරන ලදි.

    පුනර්ජනනීය ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ ඇති ගැටළු නිරාකරණය කිරීමට විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියට එක්ව කටයුතු කිරීමට කමිටුවක් පත් කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya