පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ගොවිජන බැංකුවල තැම්පත් මුදල් තර වෙයි

    අගෝස්තු 27, 2022

     

    ගොවිජන බැංකුවල තැම්පත් මුදල් තර වෙයි.

     

    ගොවිජන සේවා මධ්‍යස්ථාන ආශ්‍රිතව පවත්වාගෙන යන ගොවිජන බැංකුවල ගොවිජනතාවගේ තැම්පතු මුදල් මේ වනවිට රු. කෝටි 600 ඉක්මවා ඇතැයි ගොවිජන බැංකු නිලධාරීහු පවසති.

    ගොවිජන සේවා මධ්‍යස්ථානවල පවත්වාගෙන යන ගොවිජන බැංකු මගින් ගොවිජනතාවට ලබාදෙන සේවාවන් පුළුල් කිරීමට හා එමඟින් කාර්යක්ෂම සේවාවක් ගොවිජනතාවට ලබාදීම අරමුණු කර ගනිමින්, එම බැංකු නිලධාරීන් පිරිසක් සමඟ කෘෂිකර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සාකච්ඡා කළේය.

    දැනට දිවයින පුරා පිහිටි 556ක් පමණ වන ගොවිජන මධ්‍යස්ථාන ආශ්‍රිතව ගොවිජන බැංකු 556ක් තිබෙන අතර, එහි සමස්ත සාමාජිකත්වය ලක්ෂ 13ක් පමණ වේ.

    මෙම බැංකු මගින් ගොවි ව්‍යවසායකත්වය ඇති කිරීමට මෙන්ම, ගොවිජනතාවට අවශ්‍ය ණය පහසුකම් සැලසීම ද සිදු කරනු ලබයි.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා සියලුම ගොවිජන මධ්‍යස්ථාන ආශ්‍රිතව ගොවිජන බැංකු පිහිටුවීම සඳහා කටයුතු කළ යුතු බවත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙම බැංකු විධිමත් ලෙස අධීක්ෂණය කිරීම සහ ගොවිජනතාවට ලබාදෙන සේවාවන් පුළුල් කිරීමට වැඩපිළිවෙලක් සකසන ලෙස ද උපදෙස් දුන්නේය.


    මාධ්‍ය ඒකකය

    කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya