නාවල - අංගම්පිටිය පාලමේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ප්‍රවාහන ඇමති නිලධාරීන්ට උපදෙස් දෙයි.
ප්රවාහන , මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ අදහස්පල කළේ, බත්තරමුල්ල පිටකෝට්ටේ මාර්ගය සහ නාවල - රාජගිරිය සම්බන්ධ කරමින් නාවල රාජගිරිය ඇල හරහා ඉදිකරන නාවල - අංගම්පිටිය පාලමේ වත්මන් තත්වය සොයාබැලීමට අද ( 26 ) දින පෙරවරුවේ එම ප්රදේශයේ සංචාරයක නිරත වෙමිනි.
2020 නොවැම්බර් 26 වන දින වැඩ ආරම්භ කරන ලද මෙම පාලම විදේශ විනිමය හා ආර්ථික අර්බුදය නිසා මේ වන විට තාවකාලිකව වැඩ
නැවතී ඇත.
මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ රාජ්ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මඟින් මංතීරු 02 කින් යුතු මෙම නව පාලම ඉදි කරනු ලබයි. මීටර් 600 ක දිගින් සහ මීටර් 10.4 ක පළලින් යුතු මෙම නව පාලම ඉදිකිරීමේ ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 1,698.55කි. පාලම දෙපස මීටර 1.5 බැගින් වූ පදික මංතීරු 2ක් ද ඉදිකරනු ලබයි. එමෙන්ම මෙම පාලමට ප්රවේශ වීමට අංගම්පිටිය දෙසින් මීටර 60 ක දිගින් යුත් ප්රවේශ මාර්ගයක් සහ පාලමෙන් පිටව පාසැල් පටුමගට ප්රවේශ වීමට මීටර 40 ක දිගින් යුතු මාර්ගයක් ද ඉදිකරනු ලබයි. ප්රදේශයේ වගුරු බිමට හානි නොවන ලෙස කණු මත මෙම නව පාලම ඉදිකිරීමට කටයුතු කරනු ලැබේ.
මෙම නව පාලම ඉදිකිරීම මඟින් රාජගිරිය , නුගේගොඩ ප්රදේශවල පවතින දැඩි රථවාහන තදබදයට පිලියම් ලැබෙන අතර මහජනතාවට කෙටි දුරක් ගෙවා කිරුලපන , නාරාහේන්පිට ප්රදේශ වලට ලඟා විය හැක.
මුදල් ප්රතිපාදන ලැබේනම් පාලමේ වැඩ මාස 3 ½ ක කාලයක් තුල රථවාහන වලට ගමන් කල හැකි පරිදි සකස් කිරීමට හැකි බව රාජ්ය සංවර්ධන හා නිර්මාණ නීති ගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවේන්ද්ර මහතා මහාමාර්ග අමාත්යවරයාට මෙහිදී පැවසීය.
විශාල පිරිවැයක් දරා ආරම්භ කර ඇති මෙම පාලම පිලිබදව කැබිනට් මණ්ඩලය දැනුවත් ඉතා කෙටි කාලයක් තුල මෙම පාලමේ වැඩ කටයුතු අවසන් කිරීමට කටයුතු කරන බව අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.
මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් , රාජ්ය සංවර්ධන හා නිර්මාණ නීති ගත සංස්ථාවේ ව්යාපෘති කළමණාකරු කේ.එස්.එම්.ආර්. ප්රියදර්ශන , ව්යාපෘති ඉංජිනේරු ෂමීම් මහතා ඇතුළු පිරිසක් එක් වූහ.