"විදුලිබල ගාස්තු විශාල ප්‍රමාණයකින් වැඩි වීම හේතුවෙන් මහජනතාව මුහුණ පා ඇති දුෂ්කරතා" පිළිබඳ කල් තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
අවශ්‍ය අවස්ථාවලදී නිවැරදි ප්‍රතිපත්ති තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් සහ අවශ්‍ය අවස්ථාවල විදුලි බිල සංශෝධනයන් සිදු කළේ නම් මෙතරම් බරක් එකවර ජනතාව මත පැටවෙන්නේ නැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඔනෑම ආණ්ඩුවකට විදුලිබිල වැඩි කරමින් ඒම බර ජනතාව මහත පැටවීම පහසු තීරණයක් නොවේ. ඉතාමත් අපහසු තීරණයක්. එළඹෙන සතිය වන විට විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යහුගත කිරීමේ මූලික සැළසුම ඒ් පිළිබඳ පත් කළ විශේෂඥ කණ්ඩායම විසින් තමාට ලබා දෙන බවත් ඉන්පසු මාස දෙකක් තුළ ඒම සැළසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනබවත්, විදුලිබල මාෆියාව බිඳීමට සහ ජනතාවට අවශ්‍ය සහණ ලබා දීමට මෙම පනත සඳහා මෙම සහය පක්ෂ විපක්ෂ සියළු දෙනා සහය දෙනු ඇතැයි ද කීය.
අද වන විට විදුලිබල මණ්ඩලයේ සේවක ප්‍රමාණය 28,000ක් පමණ දක්වා වැඩි කර ඇති බවත් අතු කැපීම , වැනි කාර්යන් අවුට් සෝස් කරමින් සිදු කරන බවත් නමුත් ඒවැනි කාර්යයන් විදුලි බල මණ්ඩලයේ සේවකයන් ලවා ඉටු කළ හැකි කාර්යයන් බවත් කීය.මෙවැනි කාර්යයන් නැවැත්විය හැකි බවත් ඒ පිළිබඳ යෝජනා මෙහි ඇතුළත් බවත් කීය.
පසුගිය මාස 10 සඳහා, විදුලිබල මණ්ඩලයට අද වන විට පෞද්ගලික සැපයුම්කරුවන් වෙනුවෙන් රුපියල් බිලියන 76ක් ගෙවීමට ඇති බවත් , ඛණිජ තෙල් සංස්ථාවට රුපියල් බිලියන 31ක් ආදී වශයෙන් ගෙවීමට ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මිල සංශෝධනට ආණ්ඩුවට අපහසු තීරණය ක් වුවද මෙම මුදල් ගෙවීම සඳහා මිල සංශෝධනය සිදු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අද වන විට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාවය ලබා දී ඇති බවත් පවතින බලාගාරයන්හි ධාරිතාව වැඩි කරගනිමින් , පරිපාලන වියදම අඩු කර ගනිමින් බෙදාහැරීම, උත්පාදනය, සම්ප්‍රේෂණය කෙරෙහි වැඩි අවධානය ලබා දෙමින් උපරිම ප්‍රයෝජනය ජනතාවට ලැබෙන පරිදි විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබලයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට සැළසුම් කළද විවිධ හේතු නිසා ඊට ඉඩ නොලැබුණු බව අමාත්‍යයවරයා පැවසිය. පුනර්ජනනීය බලශක්තිය සඳහා වැඩි අවස්ථාවක් ලබා දියයුතු බවට යෝජනා කළ අවස්ථාවේ අද විපක්ෂයේ සිටින පිරිස් ඊට සහය නොදුන් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විවිධ රජයන් විසින් ,විවිධ කාල සීමාවලදී විදුලි බලය සම්බන්ධයෙන් ගත් වැරදි තීන්දු තීරණ මීට හේතු වූ බව විදුලිබල අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. .