පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 117 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, ගෘහ්‍ය කාරක සභාවේ සේවය කිරීම සඳහා, කථානායකවරයාගේ සභාපතිත්වයෙන් පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා (29) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ඒ අනුව ඒ. එල්. එම්. අතාඋල්ලා මහතා, චන්දිම වීරක්කොඩි, ප්‍රේමලාල් ජයසේකර මහතා, (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන් මහතා, (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, ජේ. සී. අලවතුවල මහතා, නිමල් ලාන්සා මහතා, පියල් නිශාන්ත ද සිල්වා මහතා, ජයන්ත කැටගොඩ මහතා, චාල්ස් නිර්මලනාදන් මහතා, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, කිංස් නෙල්සන් මහතා, මුදිතා ප්‍රිශාන්ති මහත්මිය, සහ මර්ජාන් ෆලීල් මහතා යන මන්ත්‍රීවරයන් පත් කොට තිබේ.