පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ සමාරම්භක කථාව අද

    අගෝස්තු 30, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ සමාරම්භක කථාව අගෝස්තු 30 වැනිදා ( අද ) සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

    එළඹෙන සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබද සාකච්ඡා කිරීම සදහා පසුගිය දා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

    මේ අනුව අද පාර්ලිමේන්තුව ප.ව 1.00 ට රැස්වීමට නියමිත අතර ප.ව 1.00 සිට 2.00 දක්වා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පසුදින දක්වා කල්තබන අතර අගෝස්තු 31, සැප්තැම්බර් 1 යන දිනවල පෙ.ව 9.30 සි‍ට ප.ව 5.30 දක්වා විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය දිවා ආහාර විවේකයකින් තොරව පැවැත්වීමට නියමිතය.

    එසේම සැප්තැම්බර් 2 වැනිදා පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම විවාදය පැවැත්වෙන අතර ඉන් අනතුරුව කාරක සභා අවස්ථාව සහ තෙවනවර කියැවීමෙන් පසු පනත් කෙටුම්පත සම්මත කරගැනීමට නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya