ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පසුදින දක්වා කල්තබන අතර අගෝස්තු 31, සැප්තැම්බර් 1 යන දිනවල පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය දිවා ආහාර විවේකයකින් තොරව පැවැත්වීමට නියමිතය.
එසේම සැප්තැම්බර් 2 වැනිදා පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම විවාදය පැවැත්වෙන අතර ඉන් අනතුරුව කාරක සභා අවස්ථාව සහ තෙවනවර කියැවීමෙන් පසු පනත් කෙටුම්පත සම්මත කරගැනීමට නියමිතව ඇත.