අද (30) පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා වශයෙන් අතුරු අයවැය ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය
2023 අයවැයෙන් ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා කීය.
මෙම අතුරු අයවැය කතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව සහ 2023 අයවැය මඟින් ආර්ථික ස්ථායිකරණය හා පුනර්ජීවය සඳහා අවශ්‍ය රාමූව සකස් කෙරෙනවා. අනාගත ගමන් මග මෙම රාමුව මත සැකසෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා නිම වූ පසු එම තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.