අද (30) පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා වශයෙන් අතුරු අයවැය ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය
2021 වසර අවසානය වනවිට දළ දේශීය නිෂ්පාදතයෙන් සියයට 8.2%තිබූ රාජ්‍ය ආදායම 2025 වසරේ දී සියයට 15 දක්වා වැඩි කිරීමට රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණ වැඩපිළිවෙල තුළ බලපොරොත්තු වෙනවා.2025 වසරේ දී රජය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 2 වඩා වැඩි ප්‍රාථමික අතිරික්තයක් ඉලක්ක කර තිබෙනවා. මෙය තවදුරටත් වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වෙනවා.
2021 වසර අවසානය වනවිට ආසන්න වශයෙන් ද.දේ.නිෂ්පාදනයෙන් සියයට 110ක් තිබූ රාජ්‍ය අංශයේ ණය මැදිකාලීනව ද.දේ.නි. සියයට සියයයක පහළ මට්ටමකට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
2022 සැප්තැම්බර් මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු සියයට 12 සිට සියයට 15 දක්වා වැඩි කරනවා. මෙම ආදායම් යෝජනා මඟින් ආදායම් වැඩිකරගැනීමට අවස්ථාව ලැබෙනවා.රාජ්‍ය වියදම් සඳහා මුදල් අච්චු ගැසීමට ක්‍රමයෙන් අඩු කරගැනීමට හැකි වෙනවා.
2023 වසර අයවැය ඉලක්ක කරගනිමින් ආදායම් වැඩිකරන යෝජනා ඉදිරිපත් කරනවා.වයස අවුරුදු 18 වැඩි සියලු පුද්ගලයන්ට අනිවාර්යෙන් ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමේ අවශ්‍යතාව හඳුන්වාදීමට යෝජනා කරනවා.