අද (30) පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා වශයෙන් අතුරු අයවැය ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය
''රජය සතු වානිජ ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකිරීමට පහසුකම් සැලසීම සඳහා රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකිරීමේ ඒකකයක් පිහිටුවීමට යෝජනා කරනවා. මේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
මීට අමතරව ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව,ශ්‍රී ලංකන් ගුවන් සමාගම හැර ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 50ක් සම්බන්ධයෙන් නියමිත ඉලක්ක සමීපව අධීක්ෂණය සඳහා හදුන්වාදී ඇති ආයතනික අහිප්‍රාය ප්‍රකාශ නැවත සක්‍රීය කිරීමට යෝජනා කරනවා. ප්‍රකාශ කර ඇති රාජ්‍ය මුල්‍ය ප්‍රතිසංස්කරණ අපට ආගන්තුක නොවේ.මේ සඳහා වෙන විකල්පයක් ඇත්තේ නෑ.තරුණ පරපුරේ අභිව්‍රද්ධිය සඳහා මෙම ප්‍රතිසන්ස්කරණ ක්‍රියාත්මක කළ යුතු වෙනවා
රාජ්‍ය ආදායම් ඉහළ නංවාගැනීමේ දී පවතින ගැටළු හඳුනාගැනීමට සමීපව කටයුතු කිරීමට හා යෝජනා කිරීමට ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කොමිටියක්, ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා.
ණය කළනාකරණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් දැනට ශ්‍රී ලංකා මහබැංකුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව,සහ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව යටතේ, සිදු කරන ණය කළමනාකරණ ක්‍රියාවලිය වෙනුවට ස්වාධීනව ක්‍රියාත්මක වන ජාතික ණය කළමනාකරණ ආයතනයක් මහා භාණ්ඩාගාරය යටතේ පිහිටුවනවා.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන හඳුනාගැනීමට, ඒවා දිරිගැන්වීමට රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන ජාතික ආයතනයක් පිහිටුවනවා.මේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 250ක් වෙන් කරනවා.නව මහබැංකු පනත ක්‍රියාත්මක කරනවා.නව නීතිය මඟින් මහබැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ දේහපාලනීකරණය වීම ද වැළකෙනවා.''