අද (30) පාර්ලිමේන්තුවේ දී අතුරු අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය.
''ඉතා ඉක්මණින් සහන සැලසිය යුතු ආහාර සුරක්ෂිතතාවයක් නොමැති පවුල් 61,000 ක් පමණ සිටින බවට දැනට වාර්තා වී තිබෙනවා. 2022 වසරේ ඉදිරි මාස හතර සඳහා එවැනි එක් පවුලකට මසකට රුපියල් 10,000 ක් බැගින් ලබා දීමට මා කටයුතු කරනවා.''
පවතින අර්බුදකාරී තත්ත්වය නිසා බොහෝ දෙනා මුහුණ දෙන දුෂ්කරතා මම හොඳින් දන්නවා. ඇතැම් ප්‍රාග්ධන වියදම් කපා හැරීම තුළින් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා පුළුල් වූ සහයෝගයක් ලබා දීමට ඉඩක් සොයා ගැනීමට මම තීරණය කළේ ඒ නිසයි.
19.3 ඔබ දන්නා පරිදි, රැකියා අහිමිවීම, කෘෂිකාර්මික නිෂ්පාදනය පහත වැටීම සහ හේතු ගණනාවක් හේතුවෙන් වගා කිරීමට නොහැකි වීම මත පීඩාවට පත් වූවන්ට හදිසි ආධාර ලෙස අමතර මාසික දීමනාවක් ලබා දීමට, රජය 2022 මැයි සිට ජූලි දක්වා අතිරේකව රුපියල් මිලියන 31,000 ක් පමණ වැය කරල තියෙනවා.
එසේ බලපෑම්වලට ලක් වූ පුද්ගලයින් වෙත ආර්ථික අර්බුදය මගින් එල්ලවූ පීඩනය අවම කිරීමට 2022 වසරේ ඉදිරි මාස හතරක් තුළ මෙම වැඩසටහන නොකඩවා ක්‍රියාත්මක කිරීමට මා යෝජනා කරනවා.''