ජනාධිපතිවරයා අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය.
''වත්මන් ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම සහ සමාජ ස්ථාවරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ලෝක බැංකු ණය ආධාර යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 133 ක් වෙන් කර තිබෙනවා. ''
'' ඒ අනුව, පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයන් මිලියන 3.2 ක් පමණ සඳහා කඩිනමින් සහන සැලසීමේ අවශ්‍යතාවය මත මා විසින් මෙම අයවැය ඉදිරිපත් කිරීමට ප්‍රථම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව මඟින් ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.''
''මේ යටතේ දැනට සමෘද්ධි සහනාධාර ලබන පවුල් ආසන්න වශයෙන් මිලියන 1.7 ක් පමණ සඳහා මාසික සමෘද්ධි සහනාධාරය රුපියල් 5,000 - 7,500 අතර ප්‍රමාණයකින් වැඩිකර ලබා දෙනවා. එයට අමතරව මෙතෙක් සමෘද්ධිය ලබාගැනීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටි පවුල් 726,000 ක් පමණ සඳහා මසකට රුපියල් 5,000 ක තාවකාලික දීමනාවක් ලබාදීමටත් කටයුතු කළා.''
''එමෙන්ම මේ වන විට වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගී ආධාර ලබන පුද්ගලයින් වෙත ගෙවනු ලබන දීමනාව, මසකට රුපියල් 5,000 සිට රුපියල් 7,500 අතර ප්‍රමාණයකින් වැඩි කර ගෙවීමට කටයුතු කළා. තවද, මෙම ආධාර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛණවල සිටින පුද්ගලයින් සඳහා මසකට රුපියල් 5,000 ක තාවකාලික දීමනාවක් ලබාදීමටත් කටයුතු කළා.''