ජනාධිපතිවරයා අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය.
'' ණය ආධාර මඟින් වත්මන් විදේශ විනිමය හිඟතාවය නිසා රට තුළ උද්ගත වී තිබුන ගෘහස්ත ගෑස් හිඟතාවය මඟහරවා ගැනීමට කඩිනමින් ගෑස් ගෙන්වා රට තුළ බෙදාහරින්නට කටයුතු කළා. එමෙන්ම, ඉදිරියේදීත් හිඟයකින් තොරව ගෘහස්ත ගෑස් අවශ්‍යතාවය සපුරාලීමට කටයුතු කරනවා. ඒ සඳහා මෙම ණය ආධාර තුළින් ඊට අදාළ එක්සත් ජනපද ඩොලර් මිලියන 70 ක් (රුපියල් බිලියන 25 ක්) පමණ වැය කිරීමට අදහස් කරනවා.