ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන
(සංශෝධන) පනත් කෙටුම්පත ( අතුරු අයවැය ) ඊයේ (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
ජනාධිපතිවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව අද දක්වා කල්තබන අතර අද සිට 31, සැප්තැම්බර් 1 දිනවල පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය දිවා ආහාර විවේකයකින් තොරව පැවැත්වීමට නියමිතය.
එසේම සැප්තැම්බර් 2 වැනිදා පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම විවාදය පැවැත්වෙන අතර ඉන් අනතුරුව කාරක සභා අවස්ථාව සහ තෙවනවර කියැවීමෙන් පසු පනත් කෙටුම්පත සම්මත කරගැනීමට නියමිතව ඇත.