රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභ හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත, මෙම චක්‍රලේඛය නිකුත් කළ බව, අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායදුන්න මහතා ප්‍රකාශ කළේය.
අදාළ චක්‍රලේඛයට අනුව, අවසන් පිළිතුරක් ලබා දිය නොහැකි මොහොතක, ලිපියක් ලැබි සතියක් ඇතුළත ලිපිය ලද බවට වන අතුරු පිළිතුරක් අදාළ පාර්ශව වෙත, යැවිය යුතු වන අතර සති හතරක් තුළ අවසන් පිළිතුරක් යැවීමද අනිවාර්ය කොට ඇත. එසේම අදාළ පිළිතුර ලිපියේ අත්සනට පහළින් විෂය භාර මාණ්ඩලික නිලධාරියාගේ සෘජු දුරකතන අංකය, ෆැක්ස් අංකය සහ විද්‍යුත් ලිපිනය සඳහන් කිරිමද අනිවාර්ය කර තිබේ.
විද්‍යුත් තැපෑල සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛය මගින් දක්වා ඇත්තේ, කාර්යාලයන් වෙත ලැබෙන විද්‍යුත් ලිපි පරික්ෂාව නිතිපතා සිදුවිය යුතු සේම ඒ සඳහා වන නිලධාරියෙකු පත් කළ යුතු බවය. එමෙන්ම ලැබෙන විද්‍යුත් ලිපි සඳහා එදින ම පිළිතුරක් ලබා දීමට රාජ්‍ය නිලධාරීන් වගබලා ගත යුතු බවද මෙම චක්‍රලේඛය මගින් දක්වා ඇති අතර යම් හෙයකින් අවසන් පිළිතුරු දීමට ඒ මොහොතේ ම නොහැකි නම්, පිළිතුර දෙන දින සඳහන් කොට අතුරු පිළිතුරක් යැවීමේ අවශ්‍යතාවද අවධාරණය කර ඇත.
මෙම චක්‍රලේඛය මගින් ලැබෙන සෑම දුරකතන ඇමතුමකට ම පිළිතුරු ලබාදීම අනිවර්යය කර ඇති අතර, වැඩි වශයෙන් දුරකථන ඇමතුම් ලැබෙන ආයතන හෝ අංශ වේ නම් ඒ සඳහා වන නිලධාරියෙකු පත් කිරීමේ අවශ්‍යතාවයද තවදුරටත් මෙයින් පෙන්වා දී තිබේ.