පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    පිරිවැයෙන් අඩු පරිසර හිතකාමී ආරක්ෂිත ප්‍රවාහන සේවයක් සඳහා ඉදිරියේ දී විදුලි ත්‍රිරෝද රථ යොදා ගන්නවා - ප්‍රවාහන අමාත්‍ය

    අගෝස්තු 31, 2022

    පිරිවැයෙන් අඩු පරිසර හිතකාමී ආරක්ෂිත ප්‍රවාහන සේවයක් සඳහා ඉදිරියේ දී විදුලි ත්‍රිරෝද රථ යොදා ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    දැනට රටතුල පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙරට මෝටර් රථ වාහන ක්ෂේත්‍රයට විදුලියෙන් ධාවනය වන වාහන හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ. ඉදිරියේදී පොදු මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිලිවෙලක් හඳුන්වා දී ඇත.

    ඒ අනුව මෝටර් රථ විද්‍යුත්කරණය පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පිලිවිතරයන් පිළිබඳ වැඩමුළුවක් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 30 දින පැවැත්විණි.

    මෙතෙක් විදුලි ත්‍රිරෝද රථ මෙරටදී ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් නොපැවති අතර මෝටර් රථ ආඥා පනතට අවශ්‍ය සංශෝධන එක්කර විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය වරයා ප්‍රකාශ කළේය. දැනටමත් මෙරට ආයතන, ව්‍යවසායකයින් හා වෘත්තිකයින් විසින් විදුලියට පරිවර්ථනය කරනු ලබන ත්‍රිරෝද රථ හා මෝටර් රථ වඩාත් පරිසර හිතකාමී ලෙස නිෂ්පාදනය හා ලියාපදිංචිය පිළිබඳ මෙම වැඩමුලුවේදී කරුණු පැහැදිලි කරන ලදි.

    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, මොරටුව විශ්ව විද්‍යාලය ඇතුලු ආයතනවල විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් විසින් මෙම වැඩසටහන සඳහා සිය දායකත්වය ලබා දෙනු ලබයි.

    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ
    ලේකම්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya