පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශවන සිසුන්ට නව පාඨමාලා හඳුන්වාදෙයි

    අගෝස්තු 31, 2022

    විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශවන සිසුන්ට නව පාඨමාලා කිහිපයක් හඳුන්වා දී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දීය. විශ්වවිද්‍යාල සඳහා මෙවර සිසුන් ඇතුළත් කිරීම පිළිබඳව දැනුම්වත් කිරීමට මෙම මාධ්‍ය හමුව පැවැත්විණ.

    මූල්‍ය ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් සහ නිර්මාණාත්මක සංගීත තාක්ෂණය සහ නිෂ්පාදනය සම්බන්ධයෙන් ප්‍රථම වතාවට උපාධි පාඨමාලා ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිදයාලයේ ආරම්භ කර ඇතැයි කී සභාපතිවරයා, ඉංග්‍රීසි භාෂාව සහ ව්‍යවහාරික වාග් විද්‍යාව සම්බන්ධයෙන් ශ්‍රි ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සහ බැංකුකරණය සහ රක්ෂණය සම්බන්ධයෙන් වව්නියා විශ්වවිද්‍යාලය ප්‍රථම වතාවට උපාධි පාඨමාලා හඳුන්වා දෙන බවද කීය.

    එසේම පරිඝණක විද්‍යාව සම්බන්ධයෙන් ජයවර්ධනපුර විශ්වවිදයාලයේ නව පීඨයක් ඇතුළත් කර ඇති බව කී සභාපතිවරයා, ඒ තුළ පරිඝණක විද්‍යාව ,තොරතුරු පද්ධති මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව යන උපාධි ඇතුලත් කර ඇති බව පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya