තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උපයෝගී කරගනිමින් සාමකාමි ලෙස විරෝධතා දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් 25 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත්, මේ අන්තනෝමතික ක්‍රියාවලිය සිදු කළේ කුමන පදනමකින් දැයි යන්න ආණ්ඩුව වහා හෙළි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකළ චෝදනාවට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි මූලික අයිතිවාසිකම් සහ ප්‍රජාත්‍රන්තවාදී අයිතිවාසිකම් රැකදීමට කැපවුණු ක්‍රියාමාර්ගයක රජය නිරත වන බවත් , මෙම උද්ඝෝෂණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක් සිදු කර තිබුණේ නැතැයිද ,ඒම අත්අඩංගුවට පත් කිසිවෙකුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් කිරීමට බලාපොරොත්තුවක් නැති බවත් අග්‍රාමත්‍යවරයා සඳහන් කළේය.
මහජන උද්ඝෝෂණ සහ මහජන අවහිරතා යන දෙක සැළකිල්ලට ගෙන නීතිය හා සාමය ආරක්ෂා කිරීම පොලීසියේ වගකීමක් බවද කීය.
ප්‍රජාත්‍රන්තවාදී පාලන ක්‍රමය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතු බැවන් රජය ඒක් ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කර ඒ අනුව කටයුතු කරගෙන යන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. රට තුළ පවතින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ එකගතාවයකින් යුතුව කටයුතු කිරීම සඳහා සහාය දෙන්නැයි සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටින බවත් පසුගිය මාස කිහිපයේ ඇති වූ අර්බුධකාරී වාතාවරණය නිසා ආර්ථිකයට,ආයතනවලට සහ මහජනතාවට මුහුණ දීමට සිදු වූ හානිදායක තත්වය නැවත ඇති වීමට ඉඩ නොදිය යුතු බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.