එසේම පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය 75mm ඉක්මවා ඇති බැවින්, කළුතර, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා අදියර 01 (කහ) මට්ටමේ නායයෑම් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව එම සංවිධානය දැනුම් දේයි.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ ඒ අවට ප්‍රදේශ සඳහා, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ ඒ අවට ප්‍රදේශ සඳහා , මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ ඒ අවට ප්‍රදේශ සඳහා , රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ ඒ අවට ප්‍රදේශ සඳහා මෙලෙස නායයාම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඉහත ප්‍රදේශවල වර්ෂාව තවදුරටත් පවතී නම් නායයාමේ, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරලීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළව ගිලා බැසීමේ අවදානම් පිළිබඳ ව විමසිලිමත් වන ලෙස එම සංවිධානය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.