ඒ සඳහා වියදම් කල මුදල රුපියල් මිලියන පහලවකි.
පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් කරඩියනාරු ප්‍රදේශයේ පිහිටි සේවා සංස්කරණය අභ්‍යාස ආයතනයේ මෙම නව පරේෂණාගාරය පිහිටා තිබේ. මෙම ආයතනය මගින් කොම්පොස්ට් වලට අදාළ පරේෂණ වර්ග 10ක් සිදුකරන අතර එම වාර්තා සති තුනක් ඇතුලත ලබාදීමට කටයුතු කෙරේ. ඉදිරියේදී ත්‍රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්‍රික් වලද මෙම පරේෂණාගාර ඉදිකිරීමට නියමිතය.
මේ අවස්ථාවට පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් අයි.ජී.කේ.මුතුබණ්ඩා,ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක,පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය හුසේන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.