පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ස්ථාවර නියෝග 27/2යටතේ යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක සහ රසායනික පොහොර තහනම් කිරීමේ සමස්ත ප්‍රතිඵලය අද මෙම ඛේදවාචකය ආරම්භ වීමට මුල් වූ බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
''ගොවිජනතාවගේ පාරට බැසීම තමයි මෙම අර්බුදය නිර්මාණය වීමට මූලික වුණේ. එහෙත් මේ සම්බන්ධයෙන් වැරදි උපදෙස් දුන් අය අද කතා කරන්නේ නැහැ.අද අපේ රටේ තහනම් කළ පොහොර වෙන රටවල භාවිතා කරනවා. අපේ රටේ පොහොර වලට වඩා ප්‍රමිතියෙන් බාල පොහොර යොදා නිෂ්පාදනය කළ සහල් ගෙනත් මිනිසුන්ට කන්න දෙනවා.අප මෙම තත්ත්වය ක්‍රමානුකූලව වෙනස් කිරීමට කටයුතු කරනවා.''