පාසල් දිවා ආහාර වේලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියළි ආහාර තොගයක් ඇමරිකානු රජය විසින් මෙරට ට ප්‍රදානය කර ඇත. අමෙරිකා එක්සත් ජනපදය මගින් ලබා දෙන මෙම ආහාර තොගය සම්බන්ධයෙන් ඊයේ දිනයේ ඇතැම් මාධ්‍ය අසත්‍ය ප්‍රචාර සිදු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
''දරුවන් පාසල එන විට ඔවුන්ට නිසි ආහාරයක් ලැබී නැත්නම් එය ප්‍රශ්නයක්. හිගා කාලා හෝ මේ රටේ දරුවන්ට ආහාර වේලක් ලබාදිය හැකි නම් මම එසේ කරනවා.ඇතැම් පාසල් වල දරුවන්ට මෙම දිවා ආහාරය ලබා දීමේ වැඩපිළිවෙළ දැනටමත් ක්‍රියාත්මක වෙනවා. නමුත් මෙම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරන්න ඕන. මම මේ කළු සූට් එක අද ඇන්ද එකක් නොවේ. මම 1980 ඉඳන් මේක ඇඳන් උසාවි යනවා''යැයි පැවසීය .