ඒ අනුව කළු , ගිං සහ නිල්වලා ගංඟාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබේ.කළු ගඟ ආශ්‍රිත රත්නපුර ප්‍රදේශයට ගංවතුර අවදානමක් මතු වී ඇති අතර මගුර සහ මිල්ලකන්ද ප්‍රදේශවල සුළු ගංවතුර තත්වයක් ඇති වී ඇත.
එසේම ගිං ගඟ ආශ්‍රිත බද්දේගම ප්‍රදේශයට සහ නිල්වලා ගඟ ආශ්‍රිත පනාදුගම ප්‍රදේශයට ගංවතුර අවදානමක් මතුවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මෙම ප්‍රදේශවල පදිංචි ජනතාව අවධානයෙන් පසුවන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කෙරේ.