පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවට ඇ.ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්-අගමැති පාර්ලිමේන්තුවට කියයි

    සැප්තැම්බර් 01, 2022

    ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මූල්‍යාධාර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව පැවසීය.

    ඒ අනුව ශ්‍රී ලංකාවට ඇ.ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බව අගැමැතිවරයා ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාව මුහුණ දෙන ගැඹුරු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේදී මෙම ණය පහසුකම් ඉතා වැදගත් සංදිස්ථානයක් බව අගමැතිවරයා ප්‍රකාශ කළේය.නිළධාරි මට්ටමේ ඒකගතාවයට පසුව ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යහගත කිරීමේ ක්‍රියාවළිය තුළ මෙරට ණය තිරසාරභාවය ලබා ගැනීමට උදව් කරන බවට ශ්‍රි ලංකාවට ණය ලබා දෙන්නන්ගේ සහතිකයක් අවශ්‍ය වේ. ඉන්පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලබා ගැනීම සහතියක් අවශ්‍ය වේ. අනතුරුව ද්වී පාර්ශවික සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත අතර අනතුරුව ද්වී පාර්ශවික් සහ බහු පාර්ශවික හවුල්කරුවන්ගෙන් ණය මුදල් ලබා ගැනීමට අවකාශ සැළසෙන බව අගමැතිවරයා පැහැදිළි කළේය.

    ඒ තුළින් අපට අත්‍යාවශ්‍ය කටයුතු සඳහා අරමුදල් ලැබනෙ අතර ආර්ථික සහ ජනජිවිතය ක්‍රමයෙන් යථා තත්වයට පත් කිරීමට කටයුතු කළ හැකි වනු බවද අගැමතිවරයා පෙන්වා දුන්නේය. මෙය තවමත් ආරම්භයක් බවත් තවත් දීර්ග ගමනක් යා යුතුව ඇති බවද මේ සඳහා දීර්ග කැපකිරීම් කළ යුතුව ඇතැයිද අගමැතිවරයා කීය.

    ඉදිරියේදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා තවදුරටත් පැහෑදිළි කිරීමට බලාපොරොත්තු වන බව අගමැතිවරයා කීය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya