නායයාම් අධි අවදානමක් සහිත මහනුවර නගරාශ්‍රිත ඉහළ වානිජ වටිනාකමකින් යුතු ප්‍රදේශවල ජීවත් වන ජනතාව එම ප්‍රදේශ වලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වය පිළිබදවත් එම ප්‍රදේශවල ජීවත් වන ජනතාව තම නිවාස හා පරිසරය සමග බද්ධව සිදු කරනු ලබන ආර්ථික ක්‍රියාකාරකම් වලින් ඉවත් කිරීම නිසා ඇති විය හැකි සමාජ, ආර්ථික සහ සංස්කෘතික ගැටළු පිළිබද මෙහි දී අවධානය යොමු කෙරිණි.
එම නිසා එවැනි ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජිවිත හා දේපළ සුරක්ෂිත කිරීම සදහා ආපදා අවදානම් අවම කිරීමේ විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරමින් පවතින අවදානම අවම වන අන්දමින් ආපදා ප්‍රත්‍යාස්ථ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබදව අවධානය යොමු කරන ලදී.
මෙම ප්‍රගති සමාලෝචනයෙන් අනතුරුව මහනුවර නගරාශ්‍රිත ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සුදුහුම්පොළ නැගෙනහිරි සහ බටහිර, බූවැලිකඩ සහ ගුරුදෙනිය නැගෙනහිර යන ග්‍රාමනිළධාරී කොට්ඨාශවලට අයත් ආපදා අධි අවදානම් ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට කටයුතු කරන ලදී.
මෙම නිරීක්ෂණයෙන් පසු ආපදා අවදානම් අවම කිරීමේ විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරමින් ආපදා ප්‍රත්‍යාස්ථ නියමු ව්‍යාපෘතියක් (disaster resilient model project) වශයෙන් සුදුහුම්පොළ නැගෙනහිරි සහ බටහිර යන ග්‍රාමනිළධාරී කොට්ඨාශ ආශ්‍රිත ආපදා අධි අවදානම් ප්‍රදේශ සංවර්ධනය කිරීමට ද යෝජනා විය.
ඊට අමතරව පූජාපිටිය සහ මාරතුගොඩ යන ග්‍රාම නිළධාරී කොට්ඨාශයන්හි ආපදා අධි අවදානම් ප්‍රදේශ වල ජීවත් වන ජනතාව නැවත පදිංචි කිරීම සදහා යෝජිත ව්‍යාපෘතියේ වැඩ කටයුතු නිරීක්ෂණය කිරීමට ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මහනුව දිස්ත්‍රික් ලේකම් ඇතුලු කණ්ඩායම කටයුතු කරන ලදී.