ඒ අනුව අදියර 1 යටතේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළ කොළඹ ,කළුතර , කෑගල්ල , මාතලේ , රත්නපුර , මහනුවර , සහ නුවරඑළිය දිස්ත්‍රික්ක තුළ පිහිටි කඳුකර බෑවුම් හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව වර්ෂාව තවදුරටත් පවතී නම්, නායයාම් අනතුරු පිළිබඳ විමසිලිමත් වන ලෙස එම සංවිධානය දැනුම් දෙයි.
එසේම අදියර 2 යටතේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම , නාගොඩ , යක්කලමුල්ල , කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ,වලල්ලාවිට , ඉංගිරිය , කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය , රුවන්වැල්ල , රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, අයලම, කහවත්ත , ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ජීවත්වන ජනතාව මෙන්ම අදියර 3 යටතේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර , කුරුවිට , ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ජීවත් වන ජනතාවද වර්ෂොව තවදුරටත් පවතීනම් අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථාන වෙත යොමු වීමට සූදානම් වන ලෙසද එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.