ඇති වූ ආර්ථික පීඩනයෙන් ජනතාව ගැළවීම සඳහා වන ක්ෂණික වැඩපිළිවෙළක් ලෙස මෙම අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ දෙවැනි දින වන අද දිනයේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් තවත් වැදගත් පනතක් වන දූෂණ විරෝධී පනත මේ වන විට කෙටුම්පත් කර අවසන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එමගින් නව අකෘතියක අල්ලස් හා දූෂණ විරෝධී කොමිෂන් සභාවක් සහ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසීය. වසර 150කට වඩා පැරණි යල් පැන ගිය පනත් ගණනාවක් ඇති බවත් මේ වන විට පනත් 15ක් පමණ සංශෝධනය කර ඇති බවත් පැවසූ අධිකරණ අමාත්‍යවරයා ඉදිරියේදී එම පනත් සංශෝධනය සඳහා කටයුතු කරන බවද කීය.