ලෝකයේ පළමු නිල තැපැල්පත නිකුත් කරන ලද්දේ ඔස්ට්‍රියානු - හංගේරියානු තැපැල් පරිපාලනය විසින් 1869 වර්ෂයේදී වන අතර බ්‍රිතාන්‍යයේ පළමු තැපැල්පත 1870 වර්ෂයේදී නිකුත් කර ඇත.ඒ අනුව ශ්‍රී ලංකාව පළමු තැපැල්පත 1872දී නිකුත් කිරීම, පළමු තැපැල්පත නිකුත් කරන ලද ලෝකයේ රටවල් අතර ප්‍රමුඛස්ථානයට ශ්‍රී ලංකාව පත්වීමට හේතු වේ.
1872 වර්ෂයේ සැප්තැම්බර් 01 වන දින ශ්‍රී ලංකාවේ පළමු තැපැල්පත නිකුත්කල බවට සඳහන් වේ. එය ශත දෙකක වටිනාකමින් යුතු මුද්දරය වික්ටෝරියා රැජිනගේ උඩුකය රූපයක් මහගින් සටහන් කර ඇත. මෙම විශේෂ සමරු තැපැල්පත් 1000ක ප්‍රමාණයක් නිකුත් කරන අතර එය රු.300ක මිලකට මිලදී ගත හැක.
මෙම විශේෂ සමරු තැපැල්පත පළමු තැපැල්පතේ ඡායාරූපයක් සහිතව තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිකුත් කිරීමට කටයුතු කර ඇත.
මෙම අවස්ථාව සඳහා හිටපු කථානායක චමල් රාජපක්ෂ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුදිතා ප්‍රශාන්ති සොයිසා, වෛද්‍ය ගයාශාන් නවනන්ද, වන යදාමිනී ගුණවර්ධන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, තැපැල්පති රංජිත් ආරිරත්න යන මහත්ම මහත්මීන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් එක්විය.