ශ්‍රී ලංකා මහ බැංකුවේ පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යාල පරිශ්‍රයේ අද(සැප්තැම්බර් 01 දා) පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් සහභාගී වූ පුවත්පත් සාකච්ඡාවේදී එම ආයතනයේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී පීටර් බෲවර් (Peter Breuer) මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ බෲවර් මහතා, නව විස්තීර්ණ අරමුදල් පහසුකම ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථායිතාව සහ ණය තිරසර බව ඇතිකිරීමට උදව් වන බවත්, එමගින් රට තුළ මුල්‍ය ස්ථායිතාව ඇතිකරමින් දූෂණ අවදානම අඩුකරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන තවත් වර්ධනය කිරීමට උපකාරී වන බවත් වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම''ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකමක් සඳහා එකඟතාවයක් ඇතිවුණා. එය මාස 48ක වැඩසටහනක්. එය IMF කළමනාකාරීත්වය සහ විධායක මණ්ඩලය විසින් අනුමත කළ යුතුයි.
බලධාරීන් මේ වනවිට ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. එය තවදුරටත් සිදුවිය යුතුයි. ශ්‍රී ලංකාවේ බාහිර ණය තිරසාර නෑ. එය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි.'' ඒ මහතා පැවසීය. මෙහි අරමුණ සාර්ව ආර්ථික ස්ථායීතාව ඇති කිරීම, ණය තිරසාරබව ඇති කිරීම, මූල්‍ය ස්ථායීබව ආරක්ෂා කිරීම, මූල්‍ය ව්‍යුහාත්මක කිරීම, ණය අනුපාතය අඩුකිරීම හා දූෂණය නැති කිරීම සම්බන්ධයෙන් වන ක්‍රමයක් ඇති කිරීම බවද බෲවර් මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවට ණය දී ඇති සියලුම රටවල් හා ආයතන ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත්, ඇතිවී තිබෙන තත්වයෙන් මිදීමට ඔවුන්ගේ සියලුම සහායන් හිිමි වියයුතු බවත්, බෲවර් මහතා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ සාමාජික මසහිරෝ නොසකි (Masahiro Nozaki) මහතා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාදීම සඳහා මූල්‍ය වංචා හා දූෂණ නැවැත්වීමට කටයුතු කිරීම තීරණාත්මක සහ අනිවාර්යය බවත්, ස්ථීර දේශපාලන තත්වයක් පැවතීම මෙන්ම මිනිස් අයිතිවාසිකම් වැනි ඒවාට අවධානයක් ලබා දීම අත්‍යවශ්‍ය සාධක ලෙස සළකන බවත්ය.