සපුගස්කන්ද තෙල් පිරිපහදුව ක්‍රියාත්මක වී තවමත් සති දෙකක් පමණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා , එහෙත් පිරිපහදුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වූ පසු ඉදිරිකාලයේදී ඒම සහණ ජනතාවට ලබා දිය හැකි වනු ඇතැයිද ප්‍රකාශ කළේය.
විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ දෙවැනි දින වන අද (01) දිනයේ විවාදයට ඒක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසීය මෙම අසීරු අවස්ථාවේ යම් කළමනාකරණයකින් යුතුව කටයුතු කළ යුතු බවත් , එබැවින් එක් එක් පුරවැසියෙකුට ලබා දිය යුතු ඉන්ධන ප්‍රමාණය සීමා කිරීමට සිදු වී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එහෙත් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය සීමා කර නැතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ගිලන් රථ සඳහා ඉන්ධන ලබා දීම සීමා කර නැත. බස් රථ සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් සඳහා , පසුගිය මාසය පුරාම ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ මගින් ඉන්ධන ලබා දීම සිදු වූ බවද අමාත්‍යවරයා කීය. ධීරව වරායන් සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණයද සීමා කර නොමැත.
ත්‍රී රෝථ රථ සහ කුලී රථ සඳහා වෙන් කර හඳුනාගැනීමේ නිසි ක්‍රමවේදයක් නොමැති බැවින් එම ක්ෂේත්‍ර වලට ඉන්ධන ලබා දීම ගැටළුවක් වී ඇති බවත් , ප්‍රවාහන අමාත්‍යංශය මේ වන විටත් ඒ් සඳහා කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ප්‍රවාහන අමාත්‍යංශයේ නිර්දේශ ලබා දීමේන් අනතුරුව ත්‍රී රෝද රථ සහ අනෙකුත් කුලී රථ සඳහා ඉන්ධන ලබා දීමේ අවශ්‍යතාවද සම්පූර්ණ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.