ඒ මහතා මේ බව පැවසුවේ, අද (1) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂමාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
මැයි මස 31 වැනි දින පළමු සිදුවීම වාර්තා වූ බවත් මේ වනවිට මනුෂ්‍ය ඝාතන 26 ක් සිදු වී ඇති අතර 16 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඒ මහතා පැවසීය.
මෙම සිදුවීම්වලින් බහුතරයක් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සිද්ධීන් බවත් මේවා ලංකාවේ සිට විදෙස්ගතවූ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පිරිස්මෙහෙයවන බවත් මුදල් වංචා කිරීම් මෙම සංවිධානවල තොරතුරු පිටතට අනාවරණය වීම් වැනි හේතූ නිසා සිදු කරන ලද බවත් විමර්ශනවලදී අනාවරණයවී ඇතැයි තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටී.
මේ වන විට පොලීසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය , රාජ්‍ය බුද්ධි සේවය සහ නීතිය සම්බන්ධ සියලු ආයතන එක්ව මෙම ක්‍රියා මැඩපැවැත්වීමට සියලුපියවරයන් ගෙන ඇති බව පවසන ඒ මහතා මෙම සිද්ධීන්වලට අනුග්‍රහය දක්වන සියලු පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත්අවධාරණය කළේය.
එසේම මෙවැනි සිද්ධීන් සම්බන්ධව තොරතුරු දන්නේ නම් දුරකතන අංක 118 , 119 හා 1997 අමතා දැනුම් දෙන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක්කෙරේ.