අද රට වැටී තිබෙන තත්වයෙන් ගොඩ ඒමට නම් , ආර්ථික විද්‍යානූකූලව විද්වතුන්ගේ සහාය , මහජන නියෝජිතයන්ගේ සහාය ඇතුළු සියළු පාර්ශවවල සහාය ලබා ගත යුතු බවත් මේ සඳහා පාර්ලිමේන්තුව තුළ ,එළඹෙන සතිය තුළ තවත් කාරක සභා කිහිපයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවද සභානායකවරයා පැවසීය.
සාමූහික වශයෙන් මෙම තත්වයෙන් ගොඩ ඒමට හැක්කේ ඒවිට බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒසේ නොවුනහොත් කිනම් රජයක් පැමිණියද ඉදිරි කාලසීමාව මීට වඩා දුෂ්කර විය හැකි බවද කීය.
ඊයේ දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවති සමුළුවේදී මහ බැංකු අධිපතිවරයා සිදු කළ ආර්ථික විග්‍රහය සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවද සභානායකවරයා සඳහන් කළේය.