නාගරික සංවර්ධන අමාත්‍යංශය දැනටමත් මේ වෙනුවෙන් කටයුතු කර ඇති බවත්, ඉදි කර ඇති නිවාස ව්‍යාපෘති කිහිපයක් සඳහා ඩොලර් මගින් මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ තුන්වන දිනය වන අද (02) දිනයේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
රට තුළ පවතින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ යෝජනාවක් වශයෙන් මෙම ප්‍රතිශෝධන අයවැය ඉදිරිපත් කළ බවත් නමුත්, මෙම ආර්ථික අර්බුදය හමුවේ මෙම ප්‍රතිශෝධන අයවැය කෙතරම් හොඳ වුවත් එමගින් ප්‍රාතිහාර්යයක් බලාපොරොත්තු විය නොහැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
''ප්‍රධාන කරුණු 06ක් බලාපොරොත්තු වෙමින් ජනාධිපතිවරයා මෙම අයවැය ඉදිරිපත් කර තිබෙනවා. වියදම් කළමණාකරණය, නව විදෙස් ආයෝජන හඳුන්වා දීම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යහගත කිරීම හඳුන්වා දීම, නව නීති ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම ,රාජ්‍ය මූල්‍ය කළමණාකරණය , අනෙකුත් ප්‍රතිපත්ති රාජ්‍ය වියදම් වැඩි වීමට පසුගිය සෑම රජයක්ම කටයුතු කළ ආකාරය හේතු වුණා.නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මෙම රටට හඳුන්වා දී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කතා කළා.
වර්තමාන ජනාධිපතිවරයායි අපියි ඒකතු වෙලා වැඩ කරනවා. ඒක තමයි සිස්ටම් චේන්ජ් ඒක හරින් සහ මනූෂ අමාත්‍යවරු කළ කැපවීමට අප ස්තුතිවන්ත වෙනවා. ජනතාව අමාරුවෙන් ඉන්න අවස්ථාවක 225 ම එකතු විය යුතුයි. කොවිඩ් වසංගතයෙන් පසු මෙරටට පැමිණි සංචාරකයෝ නැවත අරගල ය නිසා මේ රටට පැමිණීම නැවතුණා. බොහෝ පෞද්ගලික රෝහල් බදු ගෙවන් නැහැ. අද ඇතැම් වෛද්‍යවරු , නීතික්ඥවරු බදු ගෙවනවද?ඒ නිසා මෙම ක්‍රමවේද නිවැරදි කළ යුතුයි.''