පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    අතුරු අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

    සැප්තැම්බර් 02, 2022

    විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත අද (02) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත් විය.

    විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ ය.

    විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම, පක්ෂව ඡන්ද 120 ලබුණු අතර විපක්ෂව ඡන්ද 05 ලැබුණි. ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 43ක් බව කතානයකවරයා සභාවට නිවේදනය කළේ ය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත ( අතුරු අයවැය ) පසුගිය (30)දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya