පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    VTA - පාසල් තුළ වෘත්තීය මාර්ගෝපදේශන Club පිහිටුවීම අරඹයි

    සැප්තැම්බර් 03, 2022

    නැ/ ඇරැව්වල ධර්මපාල මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය හා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය එක්ව සංවිධානය කෙරුණු වෘත්තීය මාර්ගෝපදේශන විශේෂ වැඩසටහනක් 26 දින නැ/ඇරැව්වල ධර්මපාල මහා විද්‍යාලයේදී පැවැත්විණි.

    මෙම වැඩසටහන ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වෘත්තීය මාර්ගෝපදේශන හා ප්‍රවර්ධන අංශයේ අධ්‍යක්ෂ චන්දන විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, Youlead ආයතනය නියෝජනය කරමින් විශේෂ සම්පත් දායකයින් ලෙස එම ආයතනයේ අධ්‍යක්ෂ නිරෝෂ හපුආරච්චි මහතා ඇතුළු පිරිසක් ද සහභාගී විය.මෙහිදි අ.පො.ස.සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් සඳහා විශේෂ වෘත්තීය මාර්ගෝපදේශන ක්‍රමවේදයක් වන වෘත්තීය යතුරු පරීක්ෂණය මඟින් ප්‍රායෝගික ලෙස ඔවුන්ගේ ඉදිරි අනාගතය සැලසුම් කරන ආකාරය පිළිබඳව වෘත්තීය මාර්ගෝපදේශනය ලබා දීම සිදු කෙරිණි‍.

    මේ සඳහා පාසල් සිසුන් 150 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූ අතර නව වෘත්තීය මාර්ගෝපදේශන යෝජනාවලට යටත්ව පාසල් වෘත්තීය මාර්ගෝපදේශන සමාජ පිහිටවීමේ මූලිකාරම්භය මෙම වැඩසටහන හරහා නැ/ඇරව්වල ධර්මපාල මහා විද්‍යාලය මඟින් අභිමානවත්ව සිදුකෙරිණි.මෙම වෘත්තීය මාර්ගෝපදේශන සමාජය පුහුණුවලත්,සුදුසුකම්ලත් නිපුණතා සංවර්ධන නිලධාරින් අප ආයතනයේ වැඩසටහන් නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සාර්ථක ලෙස ඉදිරියට පවත්වාගෙනයාමට සැලසුම් කර ඇත.

    මෙම වැඩසටහන සඳහා එම විද්‍යාලීය විදුහල්පති යසතිලක ද සිල්වා මහතා විශාල වශයෙන් සහයෝගය ලබාදුන් අතර ආදි ශිෂ්‍ය සංගමයේ පූර්ණ දායකත්වය යටතේ සාර්ථකව මෙම කාර්යය සිදුකෙරණු අතර වෘත්තීය මාර්ගෝපදේශන ජංගම බස්රථය හරහා වර්ණවත් බවක් මෙන්ම ආකර්ශනයක් යටතේ වෘත්තීය මාර්ගෝපදේශන කටයුතු සිදුකිරිම මෙහිදී සුවිශේෂි විය.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya