මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    2022 යල කන්නය- යූරියා පොහොර තොගයේ බෙදාහැරීම සාර්ථකව අවසන්

    සැප්තැම්බර් 05, 2022

    2022 යල කන්නය සඳහා ඉන්දීය රජය ලබා දුන් යූරියා පොහොර තොගයේ බෙදාහැරී මේ වන විට සාර්ථක ව අවසන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

    හෙක්ටෙයාර් 304,734ක් වගා කර තිබු ගොවීන් 490,515කට බෙදාහැර ඇති සමස්ත යුරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 29,740.73ක් බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.

    ඒ අනුව ඌව පළාතට මෙට්‍රික් ටොන් 2122ක්, බස්නාහිර පළාතට මෙට්‍රික් ටොන් 1041, මධ්‍යම පළාතට මෙට්‍රික් ටොන් 2138ක්, වයඹ පළාතට මෙට්‍රික් ටොන් 3767ක්, සබරගමුව පළාතට මෙට්‍රික් ටොන් 1128ක්, දකුණු පළාතට මෙට්‍රික් ටොන් 4728ක්, උතුරු පළාතට මෙට්‍රික් ටොන් 877ක්, නැගෙනහිර පළාතට මෙට්‍රික් ටොන් 3934ක් ද වශයෙන් බෙදාහැර තිබේ.

    යල කන්නයේ වැඩිම කුඹුරු ප්‍රමාණයක් උතුරු මැද පළාතේ වගා කර තිබු අතර එම පළාතට වැඩිම යුරියා පොහොර ප්‍රමාණය වශයෙන් මෙට්‍රික් ටොන් 9623ක් බෙදා හැර තිබේ. එසේම යල කන්නයේ මෙරට වගා කරන ලද සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 512,000 දක්වා ඉහළ ගොස් ඇති අතර මහවැලි හා වාරිමාර්ග යටතේ පැවැති කුඹුරු ප්‍රමාණය සියයට 100කින්ම යල කන්නයේ දී වගා කරන ලද බව පසුගිය සතියේ පැවැති මහ කන්නයේ වගා කටයුතු සඳහා වන සාකච්ඡාවක දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරිය සඳහන් කර තිබේ.

    යුරියා පොහොර බෙදාහැරීම ආරම්භ වනවිටත් දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවල අස්වනු නෙලීම ආරම්භ වී තිබූ අතර තවත් දිස්ත්‍රික්ක ගණනාවක අස්වනු නෙලීමට ආසන්න මට්ටමක පැවැති බැවින් එම කුඹූරුවලට යුරියා පොහොර අවශ්‍යතාවක් ඇති වී නොමැත. ඉන්දීය රජය ලබා දුන් යුරියා පොහොර තොගයෙන් තවත් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 35,000ක් පමණ ඉතිරි වී ඇති අතර එම පොහොර මහ කන්නයේ වගා කටයුතු සඳහා බෙදාහැරීම මේ වනවිටත් උතුරු පළාත හා නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයට ලබා දීම මගින් ආරම්භ කර ඇත.

    එමෙන්ම වී වගාවට අමතරව බඩඉරිඟු, අර්තාපල් හා තේ වගාවට ද යුරියා පොහොර ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya