එසේම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර එහි වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැකියි.
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) දක්වා වැඩි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස (මීටර්. 2.5 – 3.0 ක් පමණ) ඉහළ යාමේ හැකියාවක් ද පවතී. එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල, ඉදිරි පැය 24 තුළ ධීවර සහ නාවික කටයුතුවල නොයෙදන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.