පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවලට ඉලෙක්ට්‍රොනික කාඩ්පත් මගින් ගෙවීමට පහසුකම්

    සැප්තැම්බර් 05, 2022

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සිදු කෙරෙන සේවාවන් සදහා සියලු ගෙවිම් කටයුතු ඕනැම ඉලෙක්ට්‍රෝනික් කාඩ්පතක් මඟින් අද (05) දින සිට සිදු කළ හැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන ) ඩි.කුසලානි ද සිල්වා මහත්මිය පවසයි.

    ඇය මේ බව පැවසුවේ,අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

    මෝටර් රථ ප්‍රවාහන කොමාරිස් (පාලන )සුසන්ත ජයතිලක මහතා පැවසුවේ, තාක්ෂණ ය දියුණුවිමත් සමඟ වර්තමාන තරුණ පරපුර සැම විටම මුදල් වශයෙන් ගෙවිම් සිදු කිරිමට වඩා කාඩ්පත් මඟින් ගෙවිමට කැමැත්තක් ඇති බවයිඒ හේතුවෙන්,මහජනතාවේ සුබ සිද්ධිය සඳහා මෙම තීරණය ගත් බවයි.

    කෙසේ වුවද මෙම කාඩ්පත් මඟින් ගෙවිම් සිදු කළ හැක්කේ ,නාරාහේපිට හා වේරහැර ශාඛාවෙන් පමණක් බව පැවසූ මෝටර් රථ ප්‍රවාහන කොමාරිස් (පාලන )සුසන්ත ජයතිලක මහතා, ඉදිරියේ දි අනිත් ශාඛාවන් සඳහා ද ව්‍යාප්ත කිරිමට බලාපොරොත්තු වන බවයි.එසේම,අන්තර්ජාල ඹස්සේ ද මෙම සේවාව ලබාදිම සඳහා ද පරික්ෂණ මට්ටමින් පවතින බවයි.

    එසේම ,ආදායම් උපයන ආයනත අතරින් ඉහළ ම ස්ථානයේ සිටින ආයතයක් ලෙසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිටින අතර එය මාසිකව රුපියල මිලියන 350-400ක් පමණ වන බවත්.මේ වනවිට රටේ පවතින ආර්ථික අර්බුදයට පෙර මාසික ආදායම බිලියනක් බවත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරි (ආදායම්) අරවින්ද සමරකෝන් මහතා පැවසුවේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya