ඒ බව බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (01) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
මේ අනුව අද ( 06), හෙට (0 7) සහ අනිද්දා (0 8) පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා කාලය මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. නව සභාවාරයේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීමේ පළමු අවස්ථාව මෙය වේ.
අද (06 ) වැනිදා පෙ.ව 10.30 සිට පෙ.ව 10.45 දක්වා සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි විවාදයකින් තොරව සම්මත කරගැනීමට නියමිතව ඇත. ඉන් අනතුරුව පෙ.ව 10.45 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව “ ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සහ මව්වරුන්ගේ මන්ද පෝෂණ තත්ත්වය” පිළිබද සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමටද මෙහිදී තීරණය වී ඇත.
එසේම හෙට (0 7) වැනිදා “ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සහ මව්වරුන්ගේ මන්ද පෝෂණ තත්ත්වය” පිළිබද සභාව කල් තැබීමේ විවාදය දෙවැනි දිනයටත් පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.
අනිද්දා (08 වැනිදා ) පෙ.ව 10.30 සිට පෙ.ව 11.00 දක්වා කාර්මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක් (130 හා 132) සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයකින් තොරව සම්මත කරගැනීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව 2022 වර්ෂය සදහා වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව පිළිබද සභාව කල්තැබීමේ විවාදය පෙ.ව 11.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට ද මෙහිදී තීරණය ඇති බව මහලේකම්වරයා පැවසීය.
සිකුරාදා ( 9 වැනිදා ) වෙන්ව ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත අමරකීර්ති අතුකෝරළ මහතා පිළිබද ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි. මේ අනුව එදින පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා ඒ සදහා කාලය වෙන්කොට ඇත.