පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරියේ දී එම රියදුරන් සඳහා ලබාදෙන ඉන්ධන සළාක ක්‍රමය වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා- බලශක්ති අමාත්‍ය

    සැප්තැම්බර් 06, 2022

    පූර්ණකාලීනව කටයුතු කරන වෘත්තීමය ත්‍රීරෝද රථ රියදුරන් හඳුනාගෙන ඉදිරියේ දී එම රියදුරන් සඳහා ලබාදෙන ඉන්ධන සළාක ක්‍රමය වැඩි කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ත්‍රී රෝද රථ සඳහා සතියකට ලබා දෙනු ලබන ඉන්ධන ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ සඳහා ආරම්භක වැඩපිළිවෙළක් වශයෙන් පසුගිය සති 05 පුරා , පොලිස් ස්ථාන මට්ටමින් සහ පළාත් පාලන මට්ටමින් ත්‍රී රෝද රථ ලියාපදිංචිය ආරම්භ කර ඇතැයිද අමාත්‍යවරයා කීය.

    මෙම ත්‍රී රෝද රථ රියදුරන් සඳහා ඔීනෑම ඉන්ධන හලකින් ඉන්ධන ලබා ගත හැකි බවත් ඒය සීමා කර නැතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මේ වන විට `QR ක්‍රමවේදය හරහා ත්‍රී රෝද රථ දසලක්ෂ හතළිස් තුන් දහස් ඒකසිය දහසයක් ලියාපදිංචි වී තිබෙන බවත් ඒ අතුරින් ත්‍රී රෝද රථ 939,447 පසුගිය සතිය තුළ ඉන්ධන ලබාගෙන ඇතැයිද කීය.

    ඒ අනුව , මිල ප්‍රදර්ශනය කරමින් , මීටර් ටැක්සි සවි කර නිසි පරිදි ධාවනය කරන ත්‍රී රෝද රථ රියදුරන් සඳහා ඉදිරියේදී නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයිද අමාත්‍යවරයා කීය.

    රට තුළ ඇති ඩොලර් අර්බුධය ක්‍රමයෙන් පහව යනවිට ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය. ත්‍රී රෝද රථ නියාමය සඳහා අදාළ කටයුතු මේ වන විටත් සිදු කරමින් ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya