රුසියානු රජයෙන් ඉන්ධන ආනයනය කිරීමට ඇති බාධාව කවරේ ද යන්න පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
රටේ පවතින මූල්‍ය තත්ත්වය, ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළ මට්ටමකට පත්ව තිබීම, ඉන්ධන සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් පැහැරහැර තිබීම සහ මෙරට බැංකු පද්ධතියෙන් ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වීම යන කරුණු හේතුවෙන් රුසියාවෙන් තෙල් ආනයනය කිරීමට ගැටලු මතුව ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකා රජය මේ වනවිට රුසියාවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා එවැනි පහසුකමක් ලබාදෙන්න පුළුවන් ද කියන එක ගැන. ඔවුන් මේ වනවිට දන්වලා තියෙන්නේ රජයේ සමාගම්වලින් රජයට ලබාදෙන්න එහෙම ඉඩක් නෑ කියන එක. ඔවුන්ගේ පෞද්ගලික සමාගම් තියෙන්නේ. ඒ පෞද්ගලික සමාගම් සමග ඍජුව ගනුදෙනු කළ යුතුයි කියන එක. ඒ අනුව අපිට ලබාදීලා තියෙනවා පෞද්ගලික සමාගම් කිහිපයක් රුසියානු තානාපති කාර්යාලයෙන් නාමලේඛනයක්. ඒ නාමලේඛනයට අනුව ඉල්ලීම් යවලා තියෙනවා. ඒ අනුව ඔවුන් අපට දන්වලා තියෙනවා පෙරගෙවුම් මත පමණයි ඔවුන්ට ඉන්ධන ලබාදෙන්න පුළුවන් කියලා. ඒ වගේම අපේ රටේ තියෙන ටෙන්ඩර් ක්‍රමයට ඔවුන් ඉදිරිපත් වීමට අකමැති බව දන්වලා තියෙනවා. කැමති නම් ඍජුවම ගිහින් ඔවුන් සමග දීර්ඝ කාලයකට ගිවිසුම්ගත වෙන්න ඕනේ. ඒකේ වාසි අවාසි දෙකම තියෙනවා.
මේ රටේ තියෙන ප්‍රසම්පාදන ක්‍රමයත්, කෝප් කමිටුව ඇතුළු අනෙක් කමිටු ලබාදීලා තියෙන නිර්දේශ අනුව අපිට ප්‍රසම්පාදන ක්‍රමයෙන් පිටයන්න බෑ. මේ වනවිට විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා විවිධ පුද්ගලයින් ඉල්ලීම් කරලා තියෙනවා රුසියාවෙන් මීට වඩා අඩුවට තෙල් ලබාදෙන්න පුළුවන් කියලා. ඒ සෑම යෝජනාවකටම අපි ලබාදීලා තියෙනවා ඇණවුම් සහතිකයක්. මේ අවස්ථාවේ රුසියාවෙන් තෙල් ආනයනය කරන්න සමාගම් 12කට වැඩිය දීලා තියෙනවා ඇණවුම් සඳහා ලිපි ලේඛන. නමුත් කිසිම සමාගම් මේ මාස 3 ඇතුළත තවම අපට ඇණවුම් සිදුකරලා නෑ."