පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    නායයෑම් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

    සැප්තැම්බර් 06, 2022

    මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා බල පැවැත්වෙන පරිදි අදියර 03 (රතු) මට්ටමේ නායයෑම් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙයි.

    ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ ඒ අවට ප්‍රදේශ සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, කෑගල්ල, රුවන්වැල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය, මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශ සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයයේ මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ ඒ අවට ප්‍රදේශ සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ ඒ අවට ප්‍රදේශ සඳහා සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශ සඳහා මෙලෙස නායයාම් පූර්ව නිවේදන නිකුත් කර තිබේ.

    මෙම ප්‍රදේශවල වර්ෂාව තවදුරටත් පවතී නම් නායයාම් අනතුරුවලින් වැළකීමට ජනතාවට ආරක්ෂිත ස්ථානයකට යොමු වන ලෙසත් එම ආයතනය තවදුරටත් දැනුම් දේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya